Wednesday, April 24, 2024

General line - 0115112241

පාසැල් යලි විවෘත කිරීම ගැන විශේෂ නිවේදනය 




බස්නාහිර පළාතේ සහ මේවන විට හුදෙකලා කොට නොමැති ප්‍රදේශවල පාසැල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ පාසැල් මෙම මස 23 වෙනිදා යලි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් පවසනවා.

" නොවැම්බර් මස 23 වෙනිදා බස්නාහිර පලාතේ පිහිටි පාසැල් තෙවන පාසැල් වාරය සඳහා පාසැල් විවෘත කිරීම සිදුකරන්නේ නැහැ. ඒ වගේම පිට පලාත්වල සිසුන්ට බස්නාහිර පළාතේ පාසැල්වලට ඒමට අවසර හිමිවන්නේ නැහැ.

බස්නාහිර පලාතෙන් පිට සෙසු දිස්ත්‍රික්කවල මේ වන විට හුදෙකලා කොට ඇති ප්‍රදේශයක් වේ නම් ඒ ප්‍රදේශවල පාසැල් 23 වෙනිදා විවෘත කෙරෙන්නේ නැහැ.

ඒ අනුව අනෙක් ප්‍රදේශවල පිහිටි සියලුම පාසැල් වල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ පාසැල් මේ මස 23 වෙනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා" යැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.