Thursday, April 25, 2024

General line - 0115112241

ඡන්ද යළි ගණනයෙන් ජෝර්ජියා ප‍්‍රාන්තයේ බයිඞ්න්ගේ ජය තහවුරු වෙයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි දෙවන වරටත් ගණනය කෙරුණු ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද ප‍්‍රථිඵලවලින් ජෝ බයිඞ්න් යළිත් වරක් එම ප‍්‍රාන්තයේ ජයග‍්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට වඩා ජෝ බයිඞ්න් ඡුන්ද 12,284 කින් පමණ ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනෙකුත් ප‍්‍රාන්තවල දෙවන වර ඡන්ද ගණනය කිරීම් ද ඉදිරි සති කිහිපය තුළදී සිදු කිරීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

සෑම ප‍්‍රාන්තයක්ම ඉදිරි සති කිහිපය තුළදී තම ප‍්‍රාන්තයේ ජනාධිපතිවරණ ප‍්‍රථිඵල තහවුරු කළ යුතු බවටයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත්, දේශපාලන විචාරකයින් පවසන්නේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය ලබා ගැනීමට නම්, අවම වශයෙන් ප‍්‍රාන්ත 03 ක ඡන්ද ප‍්‍රථිඵල ඔහුට වාසිදායක වන අයුරින් වෙනස් විය යුතු බවයි.

ඒ අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය හිමි වීමේ සම්භාවිතාව ඉතා අඩු බව ද දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබෙනවා. මේ වනවිට පවතින ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අනුව ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න්, ඩොන්ල්ඞ් ට‍්‍රම්ප්ට වඩා මිලියන 05 කට අධික ඡන්ද ප‍්‍රමාණයක් හිමි කරගෙන සිටිනවා.