Wednesday, April 24, 2024

General line - 0115112241

විපක්ෂ නායකවරයාගේ ප‍්‍රකාශයකට කථානායකවරයා අවසර නොදීමෙන් පාර්ලිමේන්තුව උණූසුම් වෙයි




2021 අයවැය දෙවනවර කියවීමේ විවාදයට ඡන්දය ලබා දෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද පස්වරුවේ තීරණය කරන බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු, නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ කණ්ඩායම් රැුස්වීමේදී ඒ පිිළිබඳ තීරණයක් ගන්නා බවයි. 

කෙසේවෙතත් අද පැවත්වෙන ඡන්ද විමසීමේදී අනිවාර්යයෙන්ම ආණ්ඩුව තුනෙන් දෙකක ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන අයවැය සම්මත කරගන්නා බව රාජ්‍ය ආමාත්‍ය ඞී වී චානක සඳහන් කළා. 

මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළා. ඒ, අපවත් වී වදාල ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහ නාහිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට පෙර විනාඩියක නිෂ්ශබ්දතාවයක් පවත්වන ලෙසයි. එහිදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභානායක දිනේෂ් ගුණවර්ධන අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.

මේ අතර, කොවිඞ් වසංගතය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ ප‍්‍රශ්ණ ඉදිරිපත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා, සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, නලින් බණ්ඩාර හා මනූෂ නානායක්කාර අතර ඇති වුයේ මෙවන් සංවාදයක්.