Thursday, March 28, 2024

General line - 0115112241

අපවත් වී වදාල අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ දේහයට අදත් ආගමික නායකයින් සහ දේශපාලනඥයින් අවසන් ගෞරව දක්වයි

කමල් සුරවීර / හේරත් ඒකනායක




අපවත් වී වදාල ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ දේහයට අදත් ආගමික නායකයින් සහ දේශපාලනඥයින් අවසන් ගෞරව දැක්වුවා.  එම අවස්ථාවට එක්වීමෙන් පසු අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන් අපවත්වීම රටට ඉමහත් පාඩුවක් බවයි.

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ට පරිසරය පිළිබදව මනා දැනුමක් තිබූ බවයි.

මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ උන්වහන්සේ් අපවත්වීම රටට මෙන්ම තමාට ද විශාල පාඩුවක් බවයි.

උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සදහා රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායකද එක් වුණා.

අපවත් වී වදාල ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ දේහය මැනික්හින්න, හුරිකඩුව ශී‍්‍ර විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග‍්‍රහය සහිතව හෙට කුන්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් කි‍්‍රඩාංගණයේදී  සිදු කිරීමට නියමිතයි.