Wednesday, December 2, 2020

General line - 0115112241

IDH රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිත කාන්තාව පොලිසිය විසින් සොයා ගැනේ 

8908Views


 


නව කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා රාත්‍රියේ දී ඉන් පළා ගිය 25 හැවිරිදි කාන්තාව ඇහැළියගොඩ, සිදුරංගල ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මේ වන විට ඇයව රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.

මෙම කාන්තාව පසුගියදා සිය කොවිඩ් ආසාදිත කුඩා දැරුවාද රැගෙන IDH රෝහලෙන් පළා ගොස් තිබුණා. පසුව ඇය සිය දරුවා ඥාති නිවසක තබා ඉන් පිටව ගොස් තිබුණා.

මෙම කාන්තාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිටම විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ අතර පසුව අද රාත්‍රීයේ දී ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයේදී එම කාන්තාව සොයා ගැනීමට හැකිවී තිබුණා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here