Thursday, April 25, 2024

General line - 0115112241

අදත් කොවිඩ් ආසාදිතයින් 487ක් : සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ආසන්නයට




අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 487 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ මිට පෙර කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබූ අයවළුන්ගේ ආශ්‍රිතයින්ට බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනය වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,252ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,771 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 13,590ක් වන අතර දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,107ක් වනවා.