Friday, April 19, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ වැටුප් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්




සිය රැකියාව හෝ වැටුප් සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබද පැමිණිලි  කරන ලෙස පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් කම්කරු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එවැනි ගැටළු විසදීමට කඩිනමින් මැදිහත් වන බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති කියාසිටියේ.

සේවකයන්ට වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ට කම්කරු දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති බවයි කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.