Tuesday, April 16, 2024

General line - 0115112241

නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට පණිවිඩයක්




කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ නිදන්ගත රෝගවලින් පෙළෙන සියළු වැඩිහිටි පුද්ගලයන් සමාජයට පැමිණීම හැකිතාක් සීමා කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම රෝගවලින් පෙළෙන බස්නාහිර පළාතේ සිටින වැඩිහිටියන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ.

මෙරටින් ඊයේ හදුනා ගැණුනු ආසාදිතයින් ගණන 491 ක්. ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වන අතර එම ගණන 292 ක්. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 09 ද කොළඹ දිස්ති‍්‍රක්කයට අයත්. වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් හත් දෙනෙක් එම පිරිසට අයත් වනවා.

මේ අතර කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා තාක්‍ෂණික වශයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද දෛනිකව වාර්තාවක් නිකුත් කරන්නැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. ඒ හරහා රජයට සහ බලධාරීන්ට නිවැරදි තීන්දු තීරණ ගත හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛi හරිත අලූත්ගේ පැවසුවේ.

තවමත් රටපුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වී නොමැති බැවින් එය පාලනය කර ගැනීමට හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට හැකි වූ බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවා.