Thursday, March 28, 2024

General line - 0115112241

හුදෙකලා කර තිබූ ප්‍රදේශ වල ජනතාව සෞඛ්‍ය රීතීන් අනුගමනය කිරීම අනිවාර්යයි




හුුදෙකලා කර ඇති පොලිස් වසම් හයක් හෙට අලූයම පහේ සිට එම තත්ත්වයෙන් මුදාහැරියද සියලූ පුද්ගලයින් තවදුරටත් සෞඛ්‍ය රීතින්වලට අනුගත විය යුතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සියළු පුද්ගලයන් සෞඛ්‍ය රීතින්ට අනුගතවීම තුළින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ. 

හෙට අලූයම පහේ සිට බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම්වලට පනවා තිබූ හුදෙකලා තත්ත්වය ඉවත් කෙරෙනවා.

කෙසේවෙතත් බොරැුල්ල, වනාතමුල්ල ග‍්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග‍්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදෙකලා කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

තවදුරටත් හුදෙකලා කර ඇති අනෙකුත් ප‍්‍රදේශ සම්බන්ධයෙන් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස පැහැදිලි කළා.

මේ අතර හෙට දිනයේ සිට යළි කාර්යාලීය දුම්රිය ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද භාවිත කරමින්.

කෙසේවෙතත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය හැර හුදෙකලා කර ඇති පොලිස් වසම්වල නොනවත්වා දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ.