Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ පවුල් 20,000 කට රුපියල් 10,000 ක ආහාර බෙදයි




කොළඹ දිස්ති‍්‍රක්කයේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල සිටින ජනතාව සඳහා තවදුරටත් ආධාර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, එම ප‍්‍රදේශවලට පනවා ඇති හුදෙකලා තත්ත්වය අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන්. කොළඹ දිස්ති‍්‍රක්කයේ නිරෝධායනය කළ පවුල් 12,248 කට සහ හුදෙකලා කළ ප‍්‍රදේශවල සිටින පවුල් 8,486 කට මේවනවිටත් අවශ්‍ය ආහාර හා මූල්‍යාධාර ලබා දී ඇතැයි කොළඹ දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් යසරත්න අද ප‍්‍රකාශ කළා.

කොළඹ දිස්ති‍්‍රක් ලේකම්වරයා පැවසුවේ ජීවනෝපාය අහිමි වූ  කොළඹ දිස්ති‍්‍රක්කයේ වෙසෙන පුද්ගලයින් ලක්ෂ 05 කට ආසන්න පිරිසකට රුපියල් 5,000 දීමනාව ගෙවීම අවසන් කරමින් ඇති බවයි. 

මේ අතර කොළඹ මහ නගර සීමාවේ උතුරු කොළඹ සහ මැද කොළඹ හුදෙකලා ප‍්‍රදේශවල සිටින බෝනොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් කඩිනමින් ලගම ඇති සායනයට ගොස් ලියාපදිංචි වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද දැනුම් දුන්නා. 

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වුයේ ද කොළඹ මහ නගර සභා සීමාවෙන්. එම සංඛ්‍යාව 167 ක්. මේවනවිට කොළඹ දිස්ති‍්‍රක්කයේ පොලිස් වසම් 13 ක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා.