Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අසුනේ සටන වජිර අතට ගනී




එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය සඳහා පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාට පසු එම මන්තී‍්‍ර ධූරය වඩාත් සුදුසු වන්නේ ගාල්ල දිස්ති‍්‍රක්කයට බවයි ඔහු කියා සිටියේ. ඒ, අද පැවැති මාධ්‍ය හමුවකදීයි. 

කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය භාරගන්නා ලෙස කළ යෝජනාව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතික්ෂේප කර ඇතැයි නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනාවරණ කළා.