Tuesday, April 16, 2024

General line - 0115112241

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්




කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට බළධාරීන් පියවර ගනිමින් සිටිනවා.

ඒ, සහන නොලැබුණු බවට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන්. අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසුවේ කොළඹ ජනතාවගේ ගැටළුව කඩිනමින් විසඳන බවයි. 

ඒ සඳහා නව වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බව කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න ද කියා සිටියා. සහන හිමිවිය යුතු පවුල් මේ වනවිටත් තෝරා ගෙන ඇති බවයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උඳුගොඩ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කලේ. 

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කලේ නිසි පරිදි සහන බෙදාදීම සිදු නොවන බවයි. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උඳුගොඩ කියා සිටියේ සහන ලබාදීම සඳහා ප‍්‍රතිපාදන පවා ලබා දී ඇති බවයි.