Friday, March 29, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් පිස්තෝල 05ක් සමග ලංකාවේ ධිවර යාත්‍රාවක් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට 




හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලංකාවට අයත් ධිවර යාත්‍රාවක් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් දින 09ක් පුරා සිදුකළ මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙස තුත්තුකුඩියට දකුණින් වූ ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ධිවර යාත්‍රාවේ සිටි ලාංකික ධිවරයින් 06 දෙනෙකු ද ඉන්දීය බලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

"ෂෙනායා දුව" නම් වූ මෙම ධිවර යාත්‍රාව මිගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට හිමි යාත්‍රාවක් වන අතර පාකිස්ථාන ජාවාරම්කරුවන් විසින් මෙම ලාංකික ධිවර යාත්‍රාවට මුහුදේදී මත්ද්‍රව්‍ය සපයා ඇති බවට ඉන්දීය බලධාරීන් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මෙම ධිවර යාත්‍රාවේ තිබී හෙරොයින් ඇසුරුම් 99ක්, ක්‍රිස්ටල් වර්ගයේ මත්ද්‍රව්‍ය අඩංගු කුඩා ඇසුරුම් 20ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල 05 ක් සහ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියා කරන දුරකථනයක් ද ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් සොයා ගෙන ඇත.

සිදුකළ මුලික විමර්ශන වලදී මෙම මත්ද්‍රව්‍ය තොගය ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවලට යැවීමට භාරදී ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.

මේ වන විට මෙම සැකකරුවන් සහ ධිවර යාත්‍රාව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ත්‍රිච්චි බලා රැගෙන ගොස් තිබෙනවා.