Wednesday, April 24, 2024

General line - 0115112241

අකුරණ සහ බණ්ඩාරගම ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි 




වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් බුලුගහතැන්න හා තෙලබුගහවත්ත යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොලමැදිරිය යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරීමට පියවර ගත් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ.

මිට අමතරව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරි වසම හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරීමට පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.