Thursday, March 28, 2024

General line - 0115112241

එල් පී එල් සමාරම්භක උත්සවය නිසා පළමු තරඟයේ ආරම්භයේ වෙනසක්




ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍ර‍කට් තරගාවලිය උත්කර්ෂවත් සමාරම්භක උත්සවයක් සමගින් අද ආරම්භ කිරීම සදහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. සමාරම්භක උත්සවය අද පස්වරු 6.50 ට ආරම්භ වන බවයි කි‍්‍ර‍කට් ආයතනය සදහන් කළේ.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5 ක් එක්වන අතර, දින 15 ක් තුළ තරග 23 ක් පැවැත්වීමට නියමිතයි. එක් කණ්ඩායමක් මූලික වටයේදී තරග 8 කට ක‍්‍රීඩා කිරීමට නියමිත අතර අතර, ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සිවුදෙනා අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබනු ඇති. 

පළමු තරගය ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර අද රාත‍්‍රී 8 ට ආරම්භ වන බව ශ‍්‍රී ලංකා කි‍්‍ර‍්‍රිකට් ආයතනය නිවේදනය කළා. මීට පෙර එම තරගය රාත‍්‍රී 7.30 ට ආරම්භ වන බවටයි නිල තරග කාලසටහනේ දැක්වුණේ.

ලබන 27 වනදා සහ ලබන 4 වනදා පැවැත්වෙන තරග පමණක් රාත‍්‍රී 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා. තරගාවලියේ සියළු තරග සදහා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර කි‍්‍ර‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ තණතීරු 10 ක් යොදා ගැනීමට නියමිතයි. පළමු තරගයේ දී පිටියේ විනිසුරුවන් ලෙස රවීන්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් කටයුතු කරන අතර, තෙවන විනිසුරු ලෙස කටයුතු කරන්නේ රුචිර පල්ලියගුරුගේයි. තරග තීරකවරයා ලෙස ග‍්‍රැහැම් ලැබ්‍රෝයි කටයුතු කරනවා. 

සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව පැවැත්වෙන මෙම තරගාවලිය කී‍්‍රඩාංගණයේ සිට නැරඹීමට කී‍්‍රඩකයන්ට අවස්ථාව හිමි වන්නේ නැහැ. සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්ෂකාගාර, තරගාවලියයට එක්ව සිටින කණ්ඩායම් 5 විදහා දැක්වෙන අයුරින් අලංකාර කර තිබෙනවා.