Friday, April 19, 2024

General line - 0115112241

දෙවන රැල්ලේ කොරෝනා මරණ 94ක් : සමස්ත මරණ වලින් සියයට 42ක් වයස අවුරුදු 71කට වැඩි පුද්ගලයින් 




මෙරට ව්‍යාපත් වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 94ක් වාර්තා වී ඇති බව කොවිඩ් -1 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ සම්පුර්ණ කොවිඩ් ආසාඩිත මරණ සංඛ්‍යාව 107ක්.

එලෙස වාර්තා වූ මරණ වලින් 40 දෙනෙකු වයස අවුරුදු 71කට වැඩි පුද්ගලයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 42.55% ක් වනවා. මීට අමතරව වයස අවුරුදු 61-70 අතර පුද්ගල මරණ 20ක් (21.27%) , අවුරුදු 51-60 අතර පුද්ගල මරණ 16 (17.02 %), අවුරුදු 41-50 අතර පුද්ගලයින් 11ක් (11.70%) වාර්තා වී ඇත.

මේ අතර වයස අවුරුදු 31-40 අතර පසුවන පුද්ගල මරණ 4ක් (4.25%) සහ අවුරුදු 10-30 ත් අතර පසුවූ පුද්ගල මරණ 3ක් (3.19%) වාර්තා වී ඇති එම එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 473 දෙනෙකු වාර්තා වී තිබුණා. ඉන් 138 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන තිබු අතර තවත් 63 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මිට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයන් ආසාදිතයින් 35ක්, කුරුණෑගල දිස්ත්‍රික්ක 14ක්, කෑගල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 05 දෙනා බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක තුලින් ආසාදිතයින් තිදෙනා බැගින්ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකුද වාර්තා වී තිබෙනවා.

ගාල්ල, අනුරාධපුර, යාපනය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක වලින් ද එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.