Tuesday, April 23, 2024

General line - 0115112241

මත්කුඩු සහ පාතාල සමාජිකයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට




මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පතාලයට සම්බන්ධ රුක්ෂාන් සමීර මදුෂංඛ හෙවත් පට්ටලේ සමීර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් පාදුක්ක ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උන්ඩ 14ක් සහ ආයුධ කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා. ඔහු ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් සහ මහවත්තේ පි‍්‍රමා නැමැත්තාගේ ප‍්‍රධානතම සමීපතමයෙකු වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

වයස අවුරුදු 35ක් වන සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා පාදුක්ක පොලිසියට භාර දී තිබෙනවා.