Thursday, April 25, 2024

General line - 0115112241

බන්ධනාගාර දෙකක රැදවියන් පිරිසක් අදත් විරෝධතාවක




වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග අදත් විරෝධතාවක නිරත වනවා. තමන්ට නිදහස ලබා දෙන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රැදවියන් දස දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන්ට සහය දක්වමින් තවත් බන්ධනාගාර රැදවියන් 150කට වැඩි පිරිසක් බන්ධනාගාර පරිශ‍්‍රයේ විරෝධතාවයේ නිරත වී තිබෙනවා.  

මේ අතර අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේද රැදවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.