Thursday, March 28, 2024

General line - 0115112241

වැය ශීර්ෂයක් නොමැති රාජ්‍ය අමාත්‍යංශයක් ගැන විපක්ෂයට ප‍්‍රශ්ණයක්




තරුණ හා කී‍්‍රඩා, ජල සම්පාදන, විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්බන්ධයෙන් අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී අද විවාදයට ගැණුනා. එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සදහන් කළේ රටේ පැවැත්ව සදහා බලශක්ති ක්‍ෂේත‍්‍රය වැදගත් බවයි.

එම විවාදයේදී විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමද අදහස් පළ කළා.

අයවැය කෙටුම්පතෙන් සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යෘපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට වැය ශීර්ෂයක් නොමැති බව  පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර සදහන් කළා. ඊට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකද පිළිතුරු ලබාදුන්නා.

මේ එම විවාදයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර

අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉන් අනතුරුව විවාදයට එක්වූණා.