Wednesday, April 24, 2024

General line - 0115112241

ඉල් පෝදා ශ්වේත පූජා අදත් දවස පුරා නෙත් වෙතින්




ඉල්පුර පසලොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් සිදුවූ පොහෝ දිනයක් ලෙස මෙම පොහොය සැලකෙන බවයි ශී‍්‍ර ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යය ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ පැවසුවේ.

අදට යෙදී ඇති මෙම පොහොයෙන් කඨීන චීවර පූජාව ද අවසන් වන බවයි පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ කියා සිිටියේ.

මේ අතර නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ අද දවස පුරා ප‍්‍රචාරය කිරීමට කටයුතුෙ යොදා තිබෙනවා. ඒ පිළිබද තොරතුරු නෙන් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉල්පුර පසලොස්වක පොහොය වෙනුවෙන් සිදු කරන ආගමික වැඩසටහන් සෞඛ්‍ය රීතින්ට අනුකූලව පැවැත්වීමට බොහෝ වෙහෙර විහාරස්ථානවල කටයුතු සූදානම් කරමින් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා.