Friday, April 19, 2024

General line - 0115112241

ආබාධයට ලක්වූ ඕෂදට ඉදිරි තරග 03 මග හැරෙයි 




දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ආරම්භක පිතිකරු  ඕෂද ප‍්‍රනාන්දුට ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සිය කණ්ඩායම සහභාගි වන ඉදිරි තරග 3 අහිමි වී තිබෙනවා. ඒ, ඔහු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේ දී පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පිතිකරණයේ නිරතව සිටියදී ඔහු මෙලෙස පාදයේ ආබාධයට ලක් වූ අතර, මේ හේතුවෙන් ලකුණු 10ක් ලබා සිටි  ඕෂධ ප‍්‍රනාන්දු පිටියෙන් ඉවත් වුණා. ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහන් කළේ  ඕෂද ප‍්‍රනාන්දුට සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවයි.

ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්ෂණවල ප‍්‍රතිපල ලැබෙන තුරු ප‍්‍රකාශ කළ නොහැකි බව ද දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහන් කළා. තරගයෙන් පසුව අදහස් දක්වමින් දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ද කියා සිටියේ  ඕෂද ප‍්‍රනාන්දුට මෙවර තරගාවලියේ ඉදිරි තරග කි‍්‍රඩා කිරීමේ අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බවයි.

මේ අතර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ සහභාගි වූ තරග දෙකම ජය ගනිමින්. 

එක් තරගය බැගින් ජය ගත් දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් දෙවන සහ 3 වන ස්ථානවල පසුවනවා.
 
කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මේ දක්වා සහභගි වූ තරග දෙකම පරාජයට පත්ව තිබෙනවා. ශහීඕ අෆ්රිඩි නායකත්වය දරන ගෝල් ග්ලඩියේටර්ස් කණ්ඩායමද මෙතෙක් සහභාගි වූ තරග දෙකම පරාජයට පත්වීම විශේෂත්වයක්. ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අද විවේකී දිනයක් වන අතර ඒ අනුව අද දිනයේදී එක් තරගයක් හෝ පැවැත්වෙන්නේ නැහැ.