Friday, April 19, 2024

General line - 0115112241

බන්ධනාගාර කොවිඩ් පොකුර 1000ට ආසන්න වෙයි 




බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට දහසට ආසන්න වී තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ බන්ධනාගාර ආශී‍්‍රතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 998 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

 ඒ, මහර බන්ධනාගාරයෙන් අලූතින් වාර්තා වු කොරෝනා ආසාදිතයින් 90 සමගින්. මේ වන විට බන්ධනාගාර ආශ‍්‍රිතව වාර්තා වන  කොරෝනා ආසාදිතයින් අතරින් 946කු රැඳවියන්. බන්ධනාගාර නිලධාරීන් 52 කටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.