Friday, March 29, 2024

General line - 0115112241

මාතලේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි 

මහේෂ් කිර්තිරත්න




මාතලේ, යටවත්ත උණවේරුව නව ජනපදය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදනය වු රෝගින් පස් දෙනෙකු හමුවිමත් සමග ග්‍රාම නිලධාරි වසම් දෙකකට  සංචරණ සිමා පැනවිමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් තිරණය කර තිබෙනවා.

ඒ අනුව උණවේරුව සහ අලුත්ගම උතුර ග්‍රාම නිලධාරි වසම් මෙසේ සංචරණ සිමා පනවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු යටවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සිදු කරනු ලබනවා.

නිරෝධායනය වන පවුලක ආශ්‍රිතයින් මෙසේ කොවිඩ් 19 ආසාදනය වි ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ.