Friday, March 29, 2024

General line - 0115112241

මහනුවර රෝහලේ කොවිඩ් ආසාදිත පිරිස 19ක් දක්වා ඉහළට




මහනුවර ජාතික රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ ප‍්‍රතිකාර ඒකකය ලබන සිකුරාද තෙක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම ඒකකයේ වෛද්‍යවරයෙකු, හෙද නිලධාරිනියන් නව දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමගයි‘.

මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා ඉරේෂා ප‍්‍රානන්දු පැවසුවේ රෝහලේ අනෙක් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.

රෝහලේ සායන කටයුතු පවත්වාගෙන යන්නේද සීමා සහිතව බවයි මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා ඉරේෂා ප‍්‍රානන්දු කියා සිටියේ.