මහර බන්ධනාගාරයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගල මළ සිරුරූ 4ක් සහ තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහල වෙත වාර්තා වී ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටිනවා.
මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ සිට උණුසුම්කාරී වතාවරනයක් ඇතිවී තිබෙනවා. අමතර පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ම බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීමට යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.
මේ අතර මහර බන්ධනාගාරය අසල පදිංචි පුද්ගලයින් සඳහන් කර සිටින්නේ බන්ධනාගාරය තුල ගින්නක් ඇතිවී තිබෙන බවයි. සමාජ මාධ්‍ය තුල එවැනි වීඩියෝවක් ද සංසරණය වී තිබුණා.
වීඩියෝ :
https://www.facebook.com/1374960145/videos/10224204714370290/
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here