පිටකොටුව ප‍්‍රදේශය හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරීමත් සමග පොදු ප‍්‍රවාහන සේවා අද සිට වැඩි වශයෙන් සිදු කිරීමට නියමිතයි. ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවේ වෙනදාට වඩා වැඩි බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කරන බවයි. පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව මෙම ප‍්‍රවාහන වැඩපිිළිවල කි‍්‍රයාවට නංවන බවද ඔහු පැවසුවා.
පාසල් විවෘත කර ඇති බැවින් පාසල් සිසුන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් වැඩි ලංගම බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවේ.
අද සිට ලංගම බස්රථ සේම ධාවනය කරන පෞද්ගලික බස්රථ සංඛ්‍යාවද වැඩි කරන්නේදැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ බස්රථ තුළ ගමන් කිරීමට ජනතාව මැලි කමක් දක්වන බැවින් අද දිනය තුළ වැඩි බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමෙන් පළක් නොවන බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශේෂ ප‍්‍රවාහන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන්නා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ගමන්වාර 104ක් අද සිට කි‍්‍රයාවට නංවන බවයි. හුදෙකලා තත්ත්වය ඉවත් කළ ප‍්‍රදේශවල පිහිටි දුම්රිය නැවතුම්පොළවලද දුම්රිය නතර කරනු ඇති.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here