Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා මර්ධනයට දේශීය ඖෂධයක් : පරීක්ෂණ ඉදිරියටත්




කොරෝනා වෛරසය මැඩ පැවැත්විය හැකි ඖෂධයක් හෝ එන්නතක් සොයා ලොව පුරා රටවල් රැසක මේ වනවිටත් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. කෙසේවෙතත් කොරෝනා වෛරසය වාර්තා වී වසරක් ඉක්මවා ගියද ජනතාවට ලබා දිය හැකි කිසිදු එන්නතකට මේ දක්වා අනුමැතිය හිමි වී නැහැ. ලෝකය තුළ විද්‍යාඥයින් විවිධ උත්සාහයන්හි නිරතව සිටියදී කොරෝනා වෛරසය පිළිබඳ  තොරතුරු වාර්තා වීමත් සමග මෙරට ජනතාව ප‍්‍රතිශක්තීකරනය වර්ධනය කර ගැනීම සඳහා දේශීය ඖෂධ භාවිත කිරීම ආරම්භ කළා.

අද ගුඞ් නිවුස් විශේෂාංගයෙන් තොරතුරු ගෙන එන්නේ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය  ඖෂධයක් සාර්ථක අත්හදා බැලීමක් පිළිබඳවයි.

ඒ, දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි. ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම ෙඖෂධය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තවත් පරීක්ෂණයක් සිදු කරන බවයි.

මෙම ඖෂධය පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නිරතවන වෛද්‍ය කණ්ඩායම පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී සියයට 100ක ප‍්‍රතිශතයකින් කොරෝනා රෝගීන් සුවය ලබා ඇති බවයි. කෑගල්ල ප‍්‍රදේශයේ දේශීය වෙදමහතෙකු විසින් නිර්මාණය කළ දේශීය ඖෂධය සම්බන්ධයෙන් බටහිර වෛද්‍යවරු කණ්ඩායමක් ද මේ වන විටත් පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා.