Saturday, April 20, 2024

General line - 0115112241

ඊයේ මිය ගිය කොවිඩ් ආසාධිතයන් පිළිබඳ විස්තර හෙළිවේ




මෙරටින් තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වී තිබෙනවා. 

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගියා. මෙම මරණ වාර්තාවන්නේ කොළඹ 02, ගොතටුව, මොරටුව, හලාවත, අකුරැස්ස, කොළඹ 13 සහ මරදාන යන ප‍්‍රදේශවලින්. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතරට කාන්තාවන් තිදෙනෙකුද අයත්. 

මිය ගිය පිරිස අවුරුදු 90, 78, 73, 70, 51, 50, 48 යන වයස්වල පසු වුණා. කොවිඞ් 19 නිව්මෝනියාව උත්සන්න වීම හා නිදන්ගත රෝග මරණවලට හේතුව බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර මහනුවර ජාතික රෝහලේ සිටි මාස 06 ක බිළිෙ​ඳකුට, වයස අවුරුදු එකහමාරක තවත් දරුවෙකුට සහ මවකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා.  ඒ හේතුවෙන් ඔවුන් සියලූ දෙනා තෙල්දෙණිය රෝහල වෙත යොමු කෙරුණා. මහනුවර රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් ද හඳුනාගත් ආසාදිතයින් 18 දෙනෙකු මේ වන විටත් හදුනාගෙන තිබෙනවා. 

මහනුවර ජාතික රෝහලේ, වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප‍්‍රනාන්දු පැවසුවේ ශල්‍යකර්ම හා සායනික කටයුතු සීමා කර ඇති බවයි. අත්‍යාවශ්‍ය සහ හදිසි ශල්‍යකර්ම පමණක් සිදුකිරීමට ප‍්‍රමුඛතාව ලබා දෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර, ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ ඇඟලූ‍ම් ආයතනයක සේවය කළ බලපිටිය මොහොට්ටිවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට ඇප නියම වී පැමිණි අදාළ කාන්තාවගේ ඥාතියෙකු ඉකුත්දා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් ඇය ද ආසාදිතයෙකු බව තහවුරු වුණා.

ඊයේ දිනය තුළද කොරෝනා ආසාදිතයින් 496 දෙනෙකු වාර්තා වූ බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් සමස්ථ ආසාධිතයින් 23,484ක් වාර්තා වුවද ඉන් 17,002කුම පූර්ණ සුවය ලබා අවසන්. ඒ අනුව තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ 6,373කු පමණයි. මේ වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් 19,773ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.