Thursday, March 28, 2024

General line - 0115112241

වැඩිම අවදානයක් දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් තරගාවලියෙන් ඉවත් වේවිද ? LPL තවත් තීරණාත්මක තරගයක් අද




ලංකා ප‍‍්‍රීමියර් ලීීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. එක් තරගයක් අද පස්වරු 3 යි 30 ට ආරම්භ වන්නේ තිිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. 

අනෙක් තරගය කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් සහ ශහීඕ අෆ්රිඩි නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගය ආරම්භ වන්නේ අද රාත්‍රී 8 ටයි. 

මේ අතර දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂධ ප‍‍්‍රනාන්දුට සතියක කාලයක් විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව එම කණ්ඩායම නිවේදනය කළා. ඔහු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව ඉකුත්දා පැවති තරගයේදී පාදයේ ආබාධයකට ලක්ව තිබුණේ ලකුණු 10ක් ලබා සිටියදී. මේ හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමටද සිදු වුණා. 

මෙම ආබාධය හේතුවෙන් ලංකා ප‍‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඉදිරි තරග කිහිපයකට ක්‍රිඩා කිරීමේ අවස්ථාව  ඕෂධ ප‍‍්‍රනාන්දුට අහිමි වනු ඇති. 

ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලකදී  ඕෂධ ප‍‍්‍රනාන්දු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයට මුහුණ දුන් අතර ඔහු මේ වන විට කණ්ඩායම නවාතැන් ගෙන සිටින හම්බන්තොට හෝටලයේම නවාතැන් ගෙන සිටින බවයි ශ‍‍්‍රී ලංකා ක්‍‍්‍රිකට් ආයතනය සදහන් කළේ. 

මේ අතර කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන දකුණු අපි‍‍්‍රකානු වේග පන්දු යවන ක්‍රී ඩක ඩේල් ස්ටේයින් ද අද දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.