Thursday, April 25, 2024

General line - 0115112241

මහර බන්ධනාගාරයේ ගැටුම තවත් උග්‍ර වේ - අලුත්ම තත්ත්වය මෙන්න




මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබෙනවා. 

ඊයේ රාතී‍්‍රය වන තුරුම බන්ධනාගාරයේ ස්ථාන කිහිපයක් ගිනි ගැනීම් දක්නට ලැබුණු බවත් වෙඩි හඩ ඇසුණු බවත් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ 06 දෙනෙකුගේ සිරුරු රාගම ශීක්ෂණ රෝහල වෙත රැුගෙන විත් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 37ක්. ඉන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මෙම සිද්ධිය ඇති වීමට පෙර මහර බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයින් 183 දෙනෙකුද හදුනාගෙන ඇතැයි තහවුරු වුණා. රැදවියන්ගේ නොසන්සුන් තාවට එය ද හේතුවක් වන්නට ඇති බවටයි පැවසෙන්නේ. ඒ අනුව ඊයේ පස්වරුවේ රැදවියන් පිරිසක් බන්ධනාගාරයේ දොරටු බිද පළා යාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇති වුණා. 

පසුව තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම අතිරේක පොලිස් බට කණ්ඩායම්ද කැදවීමටයි සිදු වුණේ. 

කෙසේවෙතත් ඊයේ රාතී‍්‍රය වන තෙක්ම බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීමට හැකි වී තිබුණේ නැහැ. නොසන්සුන් වූ රැදවියන් බන්ධනාගාරයේ මුලූතැන්ගෙට සහ ලේඛණාගාරයටද ගිණි තබා ඇති බවටයි වාර්තා පළ වුණේ. ගිනි ගැනීම්ද ඊයේ රාතී‍්‍රය වන තෙක්ම බන්ධණාගාරය තුළින් දක්නට ලැබුණු බවයි මහර බන්ධනාගාරය අවට පදිංචිකරුවන් සඳහන් කළා. 

රැදවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු සිය ග‍්‍රහණයට ගත් අතර ඔවුන් මුදා ගැනීමට හැකි වී ඇති බවටද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. තත්ත්වය උත්සන්න වීමත් සමග ගිනි නිවන හමුදාව සහ කැරලි මර්ධන ඒකකයද කැදවීමටයි සිදු වුණේ. 

ගිනි නිවන රථ 05ක් බන්ධනාගාරය වෙත පිටත්කර හැරුනු බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. කොළඹින් ගිනි නිවන රථ 03ක්ද, ගම්පහින් ගිනි නිවන රථ 02ක්ද මහර බන්ධනාගාරය වෙත පිටත්කර හැර තිබුණා. තත්ත්වය තවදුරටත් පාලනය කරමින් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වය ඇති වීමත් සමග පිටත ආරක්ෂාව දැඩි කිරීම සඳහා කඩිනමින් පියවර ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ සඳහා නාවික හමුදාවද කැදවීමටයි පියවර ගැනුනේ. බන්ධනාගාරයේ නොසන්සුන්තාව වාර්තා වීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට ඥාතීන් මහර බන්ධනාගාරය අසලට පැමිණ සිටින ආකාරයද දැකගත හැකි වුණා.