Saturday, April 20, 2024

General line - 0115112241

තුවාල ලැබූ 48ක ගෙන් 26කට කොරෝනා




මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලබා රෝහල් ගත කළ රැුදවියන් අතරින් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, තුවාල ලැබූ රැුදවියන් 71 දෙනා අතරින් 48 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවකදීයි. එම සිද්ධියෙන් රැදවියන් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. 

ඊයේ පස්වරු 05ට පමණ ආරම්භ වූ මෙම නොසන්සුන් තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට පැය 18කට ආසන්න කාලයක් ගතවූණා. ඒ, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය බන්ධනාගාරය තුළට ගොස් මෙහෙයුම්කින් අනතුරුවයි. බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිසිය හා නාවික හමුදාවද කැදවූ අතර ගින්න නිවා දැමුනේ ගිනි නිවන රථ 06ක් උපයෝගී කරගනිමින් සිදු කළ මෙහෙයුමකින්.

මේ අතර මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තා වීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට ඥාතීන් රැුසක් අද දවස පූරා බන්ධනාගාරය අසලට රැස් වී සිටියා. 

ඔවුන් හා පොලිස් නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණේ රැදවියන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නොහැකි වීමත් සමගයි. සිද්ධිය වාර්තා වීමත් සමග අද අළුයම සිට කාන්තාවන් ඇතුළු ඥාතීන් බන්ධනාගාරය අසලට පැමිණ සිටියේ සිය කුඩා දරුවන්ද රැගෙනයි. මේ සිද්ධිය ඇසින් දුටුවෙක්.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් විශාල දේපල හානියක් සිදුව ඇති බවයි.

මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක්ද අද පැවැත්වූණා.  මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් අංශ 04ක් යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොමසාරිස්වරයෙකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් අද පත් කළ අතර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේගේ උපදෙස් මත තවත් පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි. අධිකරණ අමාත්‍යංශයද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනවා. ඒ, හිටපු මහාධිකරණ විනිසුරුවරියකගේ ප‍්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් මගින්. 

මහර බන්ධනාගාරයේ ඇති වු තත්ත්වය පිළිබඳ විශේෂ විමර්ෂණයක් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයාද පොලිස්පතිවරයාට අද උපදෙස් ලබා දුන්නා. ඒ අනුව සිද්ධිය පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ. බන්ධානාගාර බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේ කිසියම් පිරිසකගේ පෙළඹවීම මත මෙම නොසන්සුන් තත්ත්වය ඇති වූ බවට සාධක පවතින බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මහර බන්ධනාගාරයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි.

රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි කතා බහක් ඇති වු වැලිකඩ බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය සිදු වුයේද 2012 වසරේ නොවැම්බර් මාසයේදිම විශේෂත්වයක්.