Thursday, April 25, 2024

General line - 0115112241

මහර බන්ධනාගාර ගැටුම ඇති කළ පුද්ගලයන් සම්බන්ධයෙන් හෙළිවේ




මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය ඇති වීම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. 

නෙත් නිවුස් කල සොයා බැලීමකදී අනාවරණය වුණේ මෙම නොසන්සුන් තත්ත්වය ඇති කිරීම සඳහා බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකුගේ අනුබල දීම් හා උසිගැන්වීම් ද හේතු වී ඇති බවයි. මෙම නිළධාරීන් අතර මහර බන්ධනාගාර රෝහලේ නිළධාරියෙකු ද වනවා.

මෙම නොසන්සුන් සිද්ධිය හදිසියේ ඇති වූවක් නොව දින 03 ත් 04 ත් අතර කාලයක් තිස්සේ සැලසුම් සහගතව සංවිධානය වූවක් බවටයි බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත්තේ. මෙම තත්ත්වයට තවත් හේතුවක් වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 112 දෙනෙකු හදිසියේ මහර බන්ධනාගාරයට මාරු කර එවීමයි. 

නෙත් නිවුස් ඉකුත් 24 වනදා පළමුවරට අනාවරණය කලේ මෙම රැඳවියන් රැගෙන විත් ඇත්තේ කිසිඳු PCR පරීක්ෂණයකින් තොරව බවයි. 

පසුව කළ PCR පරීක්ෂණවලදී එලෙස රැගෙන ආ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව හෙළි වුණා. බන්ධනාගාර කොවිඕ පොකුරේ පළමු මරණය ලෙස වාර්තා වූ පුද්ගලයා ද වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාගාරයට රැගෙන ගිය අයෙක්. 

මෙම සියළු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මහර බන්ධනාගාරයේ අදාල නිළධාරීන් දෙදෙනා රැඳවියන් උසිගන්වා ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.