Friday, April 19, 2024

General line - 0115112241

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත තවමත් අඩු වී නැහැ - නව දුරකථන අංකයකුත් හඳුන්වා දේ




මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, මීට පෙර හදුන්වා දුන් දුරකථන අංක හරහා අදාල සේවා ලබා ගැනිීමට එම අංකවලට ඇමතුම් ලබා ගැනිමට හෝ නොහැකි බවට නෙත් එෆ් එම් බැලූම්ගල කළ අනාවරණයෙන් පසුවයි. 

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව දුරකථන අංක කිහිපයක් මීට පෙර හදුන්වා දී තිබුණේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඒ, එම දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට සේවා ලබා ගැනීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහායි. 

කෙසේවෙතත් එම සේවා ලබා ගැනීමේදී තැරැව්කරුවන් වෙනත් ක‍්‍රම ඔස්සේ ජනතාවගෙන් මුදල් ගසා කන බවයි නෙත් එෆ් එම් බැලූම්ගල අනාරවණ කළේ. 

ඒ අනුව සේවාලාභීන් පත්වන අපහසුතාවය අවම කිරීම සඳහා පැය 24 පුරාම සේවා වෙන්කර ගත හැකි අයුරින් නව දුරකථන අංකයක් හදුන්වා දීමටයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.  එම දුරකථන අංකය වන්නේ 0112 67 78 77.