Thursday, March 28, 2024

General line - 0115112241

ඇමර්සන් වන විනාශය ඉහළට - බ‍්‍රසීල ජනපතිට චෝදනා




2008 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 12 ක කාලය තුළ ඇමර්සන් වනාන්තරයෙන් වාර්තා වූ ඉහළම වන විනාශය මේ වසරේදී වාර්තා වී තිබෙනවා. බ‍්‍රසීල මාධ්‍ය වාර්තා කළේ 2019 වසරේ අගෝස්තු මස සිට 2020 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ පමණක් ඇමර්සන් වනාන්තරයේ වර්ග කිලෝ මීටර් 11,088 ක භූමි ප‍්‍රදේශයක් විනාශ වී ඇති බවයි.  එය, පෙර වසරට වඩා සියයට 9 යි දශම පහක වැඩි වීමක්.

ජයිර් බොල්සොනාරෝ බ‍්‍රසීල ජනාධිපතිවරයා වශයෙන් බලයට පත් වූ 2019 වසරේ ජනවාරි මාසයේ සිට ඇමර්සන් වනාන්තරයේ වන විනාශය සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට පරිසර විද්‍යාඥයින් චෝදනා කරනවා. ඇමර්සන් වනාන්තරයේ සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු සහ පතල් කැණීමේ කි‍්‍රයාවලීන් බ‍්‍රසීල ජනාධිපතිවරයා විසින් දිරි ගන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසර්න් වනාන්තරයේ, එම වනයටම ආවේණික වූ ශාක සහ සතුන් වර්ග මිලියන 03 ක් සිටිනවා. ඇමසර්න් වනාන්තරයේ ආදිවාසීන් මිලියනයක් පමණ වෙසෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.