Friday, March 29, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොටුපළේ අක්කර 200 ක් ගුවන් හමුදාවට




මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට වෙන්කර ඇති ඉඩ ප‍්‍රමාණයෙන් අක්කර 200 ක වපසරියක් ගුවන් හමුදාවට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ කාලය දීර්ඝ කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.