Friday, April 19, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොවිඩ් අවදානමක්




බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ පළාත් ආදායම් කොමසාරිස්වරිය වන ජී අමරසේකර කොවිඞ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නොතකමින් කටයුතු කරන බවට එම දෙපාර්තමේන්තුවේ සේවකයින් චෝදනා කරනවා. 

බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පළාත් ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යයාලයේ ගිණුම් අංශයේ කළමණාකාර සහකාරවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට දින 06 කට පෙර වාර්තා වුණා. පසුව එම අංශයේම සේවය කළ තවත් සේවකයින් දෙදෙනෙකු ද උණ රෝග තත්ත්වයෙන් පෙළුණු බවයි එහි සේවකයින් පවසන්නේ. 

එම කිසිදු තත්ත්වයක් සැලකිල්ලට නොගනිමින් පළාත් ආදායම් කොමසාරිස්වරිය එම කාර්යයාලයේ සේවකයින් රාජකාරි සඳහා යොදවන බවට ද චෝදනා එල්ල වනවා. 

කොවිඞ් ආසාදිතයෙකු ලෙස කළමණාකාර සහකාරවරියක් හඳුනා ගත්ත ද, ඇය සිටි කාර්යයාලය තාවකාලිකව වසා දැමීමට හෝ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන නැහැ. කාර්යයාල සඳහා අවශ්‍යතාවය පරිදි සීමිත පිරිසක් කැඳවන ලෙස රජය චක‍්‍රලේඛයක් මගින් දැනුම් දී ඇතත්, එය ද නොතකමින් එම ආයතනයේ සියළු සේවකයින් සේවයට කැ`දවන බවට ද පළාත් ආදායම් කොමසාරිස්වරියට චෝදනා එල්ල වනවා. 

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නෙත් නිවුස්, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබා ගත්ත ද ඇය ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.