සුළි සුළං තර්ජනය හේතුවෙන් උතුරේ සියළුම පාසල් වලට හෙට සහ අනිද්දා දිනයන් නිවාඩු ලබා දීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව උතුරේ පාසල් යළි විවෘත වන්නේ දෙසැම්බර් මස 07 වෙනිදාය.
උතුරු ප්‍රදේශයට බල පා ඇති සුළි සුළං තත්ත්වය නිසා අද අලුයම සිට බොහෝ පළාත් වලට වැසි පතිත වන අතර මේ තත්ත්වය නිසා අද දිනයේදී පාසල් වලට පැමිණියේ ඉතාම අඩු සිසුන් සංඛ්‍යාවකි.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here