Friday, April 19, 2024

General line - 0115112241

එල් පී එල් පිටියේදී යොමු කළ නිපන්දුවක් ගැන විමර්ශනයක්




ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට එක්වන සිටින දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ දග පන්දු යවන කි‍්‍රඩක මාලින්ද පුෂ්පකුමාරගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ප‍්‍රශ්න කර ඇති බව වාර්තා වනවා. ඒ, ඉකුත්දා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ඔහු යොමු කළ නිපන්දුවක් සම්බන්ධයෙන්. 

මෙම අවස්ථාවේදීී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදෙමින් සිටි අතර එම නිපන්දුවට හයේ පහරක් එල්ල කිරීමට ද කුසල් මෙන්ඩිස් සමත් වුණා. පුනරූපණ දර්ශනවලින් එම නිපන්දුව දිස් වූයේ සීමාවෙන් විශාල ලෙස පිටතට යාමක් ලෙසයි. එම නිපන්දුව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙලෙස ප‍්‍රශ්න කර ඇති අතර එම අවස්ථාවේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකක නිලධාරින්ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කිසිදු තරගයක් අද නොපැවැත්වෙන අතර අද තරගාවලියේ විවේකී දිනයක්.