Friday, March 29, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යය, කොවිඞ් මර්දන එන්නතකට අනුමැතිය ලබාදුන් ලොව පළමු රට බවට පත්වෙයි




ජර්මනියේ ෆයිසර් සමාගම සහ අමෙරිකාවේ බයෝ එන් ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කළ කොවිඞ් මර්දන එන්නතට බි‍්‍රතාන්‍යයේ අනුමැතිය හිමිව තිබෙනවා. බි‍්‍රතාන්‍යයේ ඖෂධ නියාමන ආයතනය පැවසුවේ එම කොවිඞ් එන්නත ජනතාවට ලබාදීම ආරක්ෂිත බවයි.

කොරෝනා වෛරසයේ ඉහළ අවදානමක් සහිත පුද්ගලයින් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමටයි තීරණය කර ඇත්තේ. බි‍්‍රතාන්‍ය ජනගහනයෙන් මිලියන 20 කට අවශ්‍යවන එන්නත් මාත‍්‍රා මිලියන 40 ක් මේ වනවිටත් ඇණවුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරින් පළමු මාත‍්‍රා ලක්ෂ 08 ලබන සතියේදී ලබා ගත හැකි බව එරට සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබද රාජ්‍ය ලේකම් මැට් හැන්කොක් ප‍්‍රකාශ කර තිබෙනවා. කොරෝනා මර්දන එන්නතක් සදහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බි‍්‍රතාන්‍යයි.

මේ වසර අවසානය වනවිට ෆයිසර් - බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා මිලියන 40 ක් අමෙරිකාව පුරා බෙදා හැරීමට මීට පෙර අමෙරිකානු රජය ද තීරණය කළා. අමෙරිකාවේ ෆයිසර් සමාගම, එය මහජනතාව වෙත නිකුත් කිරීම ස`දහා අවසර ලබා ගනු ලැබුවේ, කොරෝනා වෛරසය වැළ`දීම වැළැක්වීම සදහා සියයට 95 ක ඵලදායීත්වයක් එන්නතට ඇති බවට පරීක්ෂණ කිහිපයකින් තහවුරු කිරීමෙන් අනතුරුවයි.