Monday, January 25, 2021

General line - 0115112241

"බුරවි" සුළි කුණාටුව රට තුලට ඇතුල්වෙයි

6816Views



"බුරවී" සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

සුළි කුණාටුව කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පිහිටා ඇති බවත් හෙට උදෑසන වන විට මෙම පද්ධතිය මන්නාරම ප්‍රදේශය හරහා දිවයිනෙන් බැහැරව යනු ඇති බවයි.

රට අභ්‍යන්තරයේ සුළං වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here