Friday, April 19, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී කොළඹින් කොවිඩ් ආසාදිතයි 400ක් : දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දස දහස ඉක්මවයි 




කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. ඒ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 402ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,140ක්.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,502ක්.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106ක් ( 98 දෙනෙකු අටලුගමින්), මහනුවර 27ක්, කුරුණෑගල 24ක්, රත්නපුර 52ක්, ගාල්ල 6ක්, කෑගල්ල 9ක්, පුත්තලම 29ක්, නුවරඑළිය 18ක්, අම්පාර 21ක්, කිලිනොච්චි 06ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව පදිංචිය සනාථ නොකරන ලද ආසාදිතයින් 88 දෙනෙකු සමගින් දිනක් තුල මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වන 878 දෙනෙකු ඊයේ වාර්තා වී ඇත.