Friday, April 19, 2024

General line - 0115112241

ඩිල්ජිත් අලුවිහාරේ මාතලේ නගාරාධිපති ධුරයෙන් පහ කරයි 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස




මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ විසින් මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් පහ කරනු ලැබ තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (2) නිකුත් කරනු ලැබුවා.

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ නගරාධිපති ධූරය මීට පෙර මාස තුනක කාලයකට අත්හිටුවා නියෝජ්‍ය නගරාධිපතිවරයා ධුරයේ වැඩ බැලීම සදහා පත්කරනු ලැබුවා.

එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර එම කමිටු වාර්තාව පසුගිය 24 වෙනිදාඅ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ වෙත භාර දෙනු ලැබුවා.

එම වාර්තාවේ කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළෙඹ තිබෙන බවයි වාර්තා වන්නේ.