Friday, April 19, 2024

General line - 0115112241

පොලීසියේ බටා ඉහළ දැමීමේ තීරණයක්




පොලිස් නිලධාරීන්ගේ බටා දිමනාව ඉහළ දැමීමට රජය කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ ප‍්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල් කියාසිටියේ පොලිස් නිලධාරීන්ට ආහාර දීමනාව ලබාදිය යුතු බවයි.

උතුරේ රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ට නිවාඩු ලබාදීමේ නිසි ක‍්‍රමවේදයක් සකස් කරන්නැයි මෙම විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් ඉල්ලා සිටියා.