Wednesday, April 24, 2024

General line - 0115112241

PHIට කෙළ ගැසූ අටලුගම ආසාදිතයා රිමාන්ඩ් කෙරේ 




බණ්ඩාරගම,අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසු ලද නියෝගයක් අනුව මෙම සැකකරු අද පෙරවරු 9.20 ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

අදාළ කොරෝනා ආසාදිතයා තමන්ව රැගෙන යාමට ආ අවස්ථාවේදී අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදෙන අයුරු දැක්වෙන වීඩියෝ කර තිබුණා.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර ලබන 17 දක්වා රිමාන්ඩ් කිරීමටයි එහිදී නියෝග කර තිබෙනවා.

නිරෝධායන පනත සහ රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.