Thursday, April 25, 2024

General line - 0115112241

මහර ගැටුම ගැන රැඳවියන් 56ක ගෙන් ප්‍රකාශ ගනියි




මහර බන්ධනාගාරය තුළ ඉකුත්දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් ඇතුළු පුද්ගලයන් 56 දෙනෙකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රැදවියන් භාවිත කර ඇතැයි කියන ඖෂධ වර්ග, විශේෂඥයින් වෙත යොමුකර වාර්තාවක් ද ලබාගන්නා බවයි.

මේ අතර මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ විසින් පත් කෙරුණු කමිටුවේ අතුරු වාර්තාව ලබන සඳුදා විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද ඉකුත්දා කමිටුවක් පත් කළා.