Saturday, April 20, 2024

General line - 0115112241

බුරවි, පැය 06 කින් ඉන්දියාවට




බුරවි සුළිකුණාටුෙවේ බලපෑමෙන් හානියට පත් නිවාස සදහා වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එලෙස පීඩාවට පත්ව සිටින පුද්ගලයින්, ඒ පිළිබද සිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා දැනුවත් කරන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි ඉල්ලීමක් කළේ. 

දිවයිනට බලපෑ බුරවි සුළිකුණාටුව හේතුවෙන් මේවනවිට දිස්ත‍්‍රික්ක 12 ක, පවුල් 13,368 කට අයත් පුද්ගලයින් 44,848 දෙනෙකු ආපදාවට ලක්ව සිටිනවා. අයහපත් කාලගුණය හමුවේ එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

සුළි සුළගේ බලපෑමෙන් නිවාස 50 ක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 2,148 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.  

කෙසේවෙතත් දිවයිනට බලපෑම් එල්ල කළ, බුරවි සුළි කුණාටුව ඉදිරි  පැය 06 තුලදී ඉන්දියාවේ දකුණු වෙරළබල තීරයට ඇතුළුවනු ඇති බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.