Friday, April 19, 2024

General line - 0115112241

විමල්ගෙන් අනුරට අලුත් තනතුරක්




ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඊයේ (06) පැවති ජන හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ඇති වේදනාව ඔහුට ලැබීමට තිබූ විපක්ෂ නායක ධූරය අහිමිවීම බවත් පැවසුවා.