Friday, April 26, 2024

General line - 0115112241

සෙලාන් පාරීභොගිකයින්ට දැන් මාස්ටර්කාඩ් ගෙවීම් ද්වාර සේවා MPGS පහසුකම 




සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මාස්ටර්කාඩ් ගෙවීම් ද්වාර සේවාව (MPGS) ලබාදීමට මෑතකදී මාස්ටර්කාඩ් සමඟ හවුල්විය. මෙමගින් සෙලාන් පාරිභෝගිකයන් හට පහසුවෙන් සහ ආරක්ෂිතව, පුළුල් පරාසයක ඩිජිටල් ගෙවීම් ක්‍රම අත්විදීමට අවස්ථාව හිමිවේ. 

ගෝලීය වශයෙන් බැංකු නිෂ්පාදන සහ සේවා ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය වර්ධනය වෙමින් පවතින අවධියක, සිය පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ගනුදෙනු පහසුවෙන් හා ආරක්ෂිතව වඩාත් හොඳින් ඉටු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය ලබා දීම සදහා, බැංකු විසින් අන්තර්ජාල ගෙවීම් ද්වාර (ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ IPG) අඛණ්ඩව වැඩිදියුණු කරමින් සිටී. සෙලාන් බැංකුව මාස්ටර්කාඩ් සමඟ එක් වී MPGS පහසුකම සැලසීම මඟින් සෙලාන් පාරිභෝගිකයින්, වෙළඳ ප්‍රජාව සහ ක්‍ෂේත්‍රයේ හවුල් කරුවන්ට විවිධ ප්‍රතිලාභ මෙන්ම උසස් තත්වයේ සේවා අත්දැකීමක්ද ලබා ගත හැක. 

“මාස්ටර්කාඩ් ගෙවීම් ද්වාර සේවාව (MPGS) ඩිජිටල් ගනුදෙනු වඩාත් උසස් තත්වයකට ගෙන එමින් තවදුරටත් මුදල් මඟින් ගනුදෙනු කිරිමේ අවශ්‍යතාවය අවම කිරීම සඳහා ලොව ප්‍රමුඛතම සමාගමක් වන මාස්ටර්කාඩ් සමඟ හවුල් වී අපගේ පාරිභෝගිකයන්ට MPGS සේවාව ලබා දීම ගැන, සෙලාන් බැංකුව වශයෙන් අපි  ආඩම්බර වන්නෙමු. අපගේ ගනුදෙනුකරුවන්ට දැන් ඉහළ, ආරක්ෂිත, විශ්වාසදායී  සහ වේගවත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාවලියක් අත්විඳිය හැකි අතර, වෙළඳහවුල්කරුවන්ට තම ව්‍යාපාර ගෝලීය තලයට ගෙනයාමට සහ ද්වාර හරහා ගනුදෙනුකරුවන්ගෙන් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබා දීම මඟින්, ගෙවීම් ද්වාරය වඩාත් ප්‍රචලිත සේවාවක් බවට පත් කරයි” යනුවෙන් සෙලාන් බැංකුවේ ඩිජිටල් බැංකු නාලිකා ප්‍රධානී චමින්ද සෙනෙවිරත්න මහතා පැවසීය.  

“මාස්ටර්කාඩ් ගෙවීම් ද්වාර සේවය (MPGS) සමඟ අපගේ විශ්වසනීය තාක්ෂණ සහායද ඇතිව සෙලාන් බැංකුවේ පාරිභෝගිකයින්ට ඉතා ඉහළ ගනුදෙනු අත්දැකීමක්  ලබා දීමට අපි අපේක්ෂා කරන්නෙමු. අපගේ උසස් ද්වාර තාක්ෂණය සහ අපගේ  අද්විතීය ගෝලීය ජාලයේ  සුසංයෝජනය තුළින්, ඕනෑම නාලිකාවක් හරහා ලොව පුරා විවිධ සන්නාම මඟින් කරන  පාරිභෝගික ගෙවීම් භාර ගැනීමට MPGS වෙළඳහවුල්කරුවන්ට හැකියාව ඇත. එමෙන්ම මෙය හා සම්බන්ධ වන්නන්ට වංචාවෙන් තොර වේගවත්, සරල සහ ආරක්‍ෂිත ගෙවීම් විසඳුමක් සපයයි” යනුවෙන් මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ මාස්ටර්කාඩ් හි කළමනාකරු රාජේෂ් මනි මහතා පැවසීය.  

MPGS භාවිතා කරන්නන්ගේ අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ වෙළඳ හවුල්කරුවන්ට ධාරක ගෙවීම් විකල්පයන් ඇතුළුව තරඟකාරීත්වයක් ලබා දීම සඳහා; වෙළඳ හවුල්කරුවන්ට පාරිභෝගිකයන්ගේ ආරක්ෂිත කාඩ්පත් තොරතුරු භාවිතා කිරීමේ අවශ්‍යතාව අවම කිරිම, නම්‍යශීලී ගෙවීම් කාලසටහන් මඟින් ගනුදෙනුකරුවන්ට තම ඉදිරි ගෙවීම් සැකසිය හැකි වීම, ආරක්ෂක අරමුණු සඳහා ටෝකනකරණය, එකම වෙළඳ හවුල්කරුගෙන් ගනුදෙනු කිහිපයක් සිදු කරන විට කාඩ්පත් විස්තර නැවත නැවත ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වීම, උපකරණ පුවරු අතුරුමුහුණතක් (Dashboard Interface) ඇතුළුව නවීන වෙළඳ කළමනාකරණ ද්වාරය (Sophisticated Merchant Management Portal) සහ මාර්ගගත (online) වාර්තාකරණ කාර්යයන් සිදු කරගත හැකිවීම යනාදී වශයෙන් වැඩිදියුණු කළ සේවාවන් රාශියක් ලබා දේ. 

ජංගම-ප්‍රශස්තිකරණය කළ අතුරු මුහුණතක් (Mobile-optimized interface) හරහා MPGS මඟින් මාර්ගගත ප්‍රලේඛනය (Online documentation), ගතික මුදල් ඒකක පරිවර්තනය, ටෝකන් ආකෘති විකල්ප සහ සංවර්ධක-හිතකාමී යෙදුම් ක්‍රමලේඛ අතුරුමුහුණත් (Application Programming Interface) මෘදුකාංග සක්‍රීය කරයි. මෙම හවුල්කාරිත්වය තුළින් තම  පාරිභෝගිකයන්ට ඉහළ ප්‍රතිලාභ රැසක්  සමඟ විශිෂ්ට ඩිජිටල් ගනුදෙනු අත්දැකීමක් ලබා දිම මඟින් පාරිභෝගිකයින්ට වැඩි පහසුවක් සැලසීම සෙලාන් බැංකුවේ අරමුණ වේ. 

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීග්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී  සිටී. ශීග්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 173 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත  කිරීම A-(lka) සිට A(lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යම වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර,  මේ වන විට S&P Dow Jones SL 20 දර්ශකයට ද ඇතුළත්ව සිටී. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ. 

මාස්ටර් කාඩ් පිළිබද: www.mastercard.com 

මාස්ටර්කාඩ් යනු ගෙවීම් ක්ෂේත්‍රයේ  ගෝලීය තාක්ෂණික  සමාගමකි. අපගේ මෙහෙවර වන්නේ, සෑම තැනකදීම සෑම කෙනෙකුටම ගනුදෙනු සුරක්ෂිත, සරලව , බුද්ධිමත්ව හා පිවිසිය හැකි පරිදි  ප්‍රයෝජනවත් වන ඩිජිටල් ආර්ථිකයක් වෙත සම්බන්ධ කර බල ගැන්වීමයි. ආරක්ෂිත දත්ත සහ ජාල, හවුල්කාරිත්වයන් සහ ලැදියාවන්  භාවිතා කරමින්, අපගේ නවෝත්පාදන සහ විසඳුම් පුද්ගලයන්ට, මූල්‍ය ආයතන, රජය සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ විභවයන්  අවබෝධ කර ගැනීමට උපකාරී වේ. අපගේ විනීත භාවය, හෝ DQ, අපගේ සංස්කෘතිය සහ අපගේ සමාගම තුළ සහ පිටත අප කරන සෑම දෙයක්ම මෙහෙයවයි. රටවල් 210 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟ සම්බන්ධතා ඇති අපි සැමට ශක්‍යතාව ඇති  කරන තිරසාර ලෝකයක් ගොඩනඟමු.