Wednesday, April 24, 2024

General line - 0115112241

ගාල්ලේ නවකයන්ම ගාල්ල දිනවයි - ගෝල් ග්ලැඩියේටර්ස් LPL පිටිය හොල්ලයි




LPL තරගාවලියේ පෙරළිකාර ජයක් ලබමින් කලම්බෝ කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහ තරගය සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා. 

ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේ පැවති පළමු අවසන් පූර්ව තරගය කඩුලූ 2 කින් ජය ගනිමින්. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා මෙම තරගයේදී කැපී පෙනුනා. 

අවසන් මහා තරග වරම් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ විශේෂත්වය වන්නේ ඔවුන් සිය ප්‍රථම තරග කිහිපයම පරාජයට පත් වීමයි.

ඉන්පසුව කණ්ඩායම් සං‍යුතියේ වෙනසක් සිදු කරමින් ගාල්ලේම උපන් ධනංජය ලක්ෂාන් සහ නුවන් තුෂාර නවකයන් කණ්ඩායමට ගෙන ඒමට ගෝල් ග්ලැඩියේටර්ස් කළමණාකාරීත්වය තීරණය කළා.

ධනංජය ලක්ෂාන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ අතර, පොඩි මාලි නමින් හැඳින්වෙන නුවන් තුෂාර ඇල්පිටිය තලාව කණිටු විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨ වුනා. මේ නවකයන් දෙදෙනාගේ ආගමනයත් සමගම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සම්පූර්ණයෙන්ම වෙනස් කණ්ඩායමක් ලෙසින් ක්‍රීඩා පිටියට ප්‍රවිශ්ඨ වුනා.

ඊයේ  තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ලබාදුන් අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 150 ක් රැස් කළා. ඩැනියල් බෙල්-ඩ‍‍්‍රමන්ඞ් ලකුණු 70ක් රැුස් කළේ පන්දු 53 කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වුණා. 

පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන් කඩුලූ 3 ක් දවා ගත් අතර, නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලූ 2 බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලූ 8ක් දැවී ජයග‍‍්‍රාහී ඉලක්කය පසුකර යමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

තරගාවලිය පුරා ලකුණු අතරේ රැඳී සිටි ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේදී ලකුණු 13 කට දැවී යාම කැපී පෙනුුනා. නායක භානුක රාජපක්ෂ ලකුණු 33 ක්, ශෙහාන් ජයසූරිය ලකුණු 22 ක් සහ අසාම් ඛාන් ලකුණු 21 ක් රැස් කළා. අවසන් පන්දුවාර කිහිපයේදී තරගයේ ජය දෙපිලටම දෝලනය වූ අතර අවසන් පන්දුවාරයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ජයග‍‍්‍රහණය සදහා ලකුණු  15 ක් ලබාගත යුතුව තිබුණා. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළේ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ඉසුරු උදානයි. 

එම පන්දුවාරයේදී ධනංජය ලක්ෂාන් එල්ල කළ හයේ පහරකින් සහ ලක්ෂාන් සදකැන් එල්ල කළ හතරේ පහරකින් විශිෂ්ඨ ජයක් ලැබූ කලම්බෝ කිංග්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප‍‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමමින්. 

සිය කණ්ඩායම ජයග‍‍්‍රහණය කරා රැුගෙන ගිය ධනංජය ලක්ෂාන් පන්දු 23 කදී නොදැවී ලකුණු 31 ක් රැස් කළා.  කණ්ඩායම් දෙකේ ක‍්‍රී‍්‍රීඩකයින් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී ගිය අතර, කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ආබාධයකට ලක්වීම මෙම තරගයේදී දක්නට ලැබුණා.

තරගයේ වීරයා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේදී අද රාත්‍රීයේ පැවැත්වෙනවා. ඒ, තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාත්‍රී 7ට ආරම්භ වනවා.