Thursday, April 25, 2024

General line - 0115112241

දඹුල්ල - ජැෆ්නා අවසන් පූර්ව ගැටුම අද - කී‍්‍රඩා ඇමතිත් එල් පී එල් අවසන් වටයේ වෙනසක් ඉල්ලයි




ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ, තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාතී‍්‍ර 7 ට ආරම්භ වනවා. 

දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ප‍්‍රසාද ලකුණූ සටහනේ දෙවන ස්ථානය හිමිකර ගත්තේ තරග 5ක් ජය ගනිමින්. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරග 4 ක් ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. 

දෙපිල අතර මූලික වටයේ පැවති තරග දෙකෙන් එක් තරගයක් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජය හිමිකර ගත් අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. මේ, අද පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගය සදහා සිය කණ්ඩායමේ සූදානම පිළිබද අදහස් දක්වන ජැෆ්නා ස්ටැලිියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා.

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායක දසුන් ශානක ද අද තරගය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංගට කඩුලූ නොදී, සැලසුමක් අනුව අද තරගයේදී පන්දුවට පහරදීම සිය කණ්ඩායමේ අපේක්ෂාව බවයි.

අද පැවැත්වෙන අවසන් පුර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 16 වනදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර ඔවුන් එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

මේ අතර, මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත් වූ කලම්බො කිංග්ස් කණ්ඩායම තරගාවලිය පුරා හොදින් දක්ෂතා දැක් වූවද අවාසනාවන්ත ලෙස අවසන් තරගයට සුදුසුකම් නොලැබූ බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළේ. අවසන් පූර්ව තරග වෙනුවට ලබන වසරේ සිට අවසන් වටයේ තරග සදහා නව ක‍්‍රමවේදය ඇතුළත් කිරීමට තරගාවලි සංවිධායකයින්ගේ අවධානය යොමු වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව ද කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළා. 

අයිි පී එල් තරගාවලියේ අවසන් වටයේදී භාවිත කරන ක‍්‍ර‍්‍රමවේදය අනුව මූලික වටයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක සදහා අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අමතර අවස්ථාවක් ලබා දෙනවා. කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද අයි පී එල් එල් තරගාවලියේ අවසන් වටය මෙන් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙකට අවසන් වටයේදී තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.